Nov 6, 2010

සුදු කොඩි හා රතු කොඩි

අසූ හතේ සුදු රථ තිබුනානම්
රටේ තවම ඇයි රතු කොටි සමයං
අසූ නවයෙ සුදු කොඩි වැනුවානම්
ළයේ උගේ ඇයි නොවුනේ පතුරං


විදු නැණ දිරියෙන් කළමුත් අවසන්
ජයගත් කඩඉම් පසුකර ඉහලින්
වරනට විය තුන් වසරක් විකලින්
හද කළ අන්තරෙ මකබෑ පලයං


තෙවසර මා හට නැති වී අවසන්
පසුකර මා අද කම්මැළි සලෙළුන්
මතු පරපුර ගලවනු මේ උගුලෙන්
අදිනු නොහැක කාලය ලා තුරඟුන්


දෙවුරු, දෙ අත් වෙහෙසා ගත සොයනා
දනෝ රැගත් ආවුද ගෙන සොරෙනා
පවුරු තනා සරසවි මං වසනා
අවැසි කාට පිලිලුන් වින කරනා?


හැකිනම් පවසනු තෙපි කළ සේවය
සසඳා අඩ සිව් වස් පෙර කාලය?
කරනු, මරනු මදිවිට මැර සාපය
සරණ නොවිද සැමදා තොපෙ ලෝකය?